Pages - Menu

Pages

Pages

Friday, August 8, 2014

බොදුබලයට එරෙහි උද්ඝෝෂණයට රාජිත සංස්ථා සේවකයෝ බලෙන් ඇදලා

ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව බොදුබල සේනාවෙන් එල්ල වූ චෝදනාවලට විරෝධය පළකරමින් ඊයේ (07 වැනිදා) මාලිගාවත්ත, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයට ධීවර සංස්‌ථාව, ධීවර වරාය සංස්‌ථාව ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබෙන බව වාර්තා වේ.

සියලුම සේවකයන් උද්ඝෝෂණයට එක්‌විය යුතු බව කියමින් බස්‌ රථවල නංවාගෙන සේවකයන් මෙලෙස රැගෙන ගිය බව නිදහස්‌ සේවක සංගමය, ජාතික සේවක සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයෝ 'දිවයින'ට කියා සිටියහ.

කෑම පැයේදී පැවති උද්ඝෝෂණය නිසා ආයතනවල සාමාන්‍ය කටයුතු ද අවුල් වූ බව සේවකයන් පැවසූ අතර ඇමැතිවරයකුට එරෙහිව එල්ල වූ චෝදනාවලට, සේවකයන් ඉදිරියට දමා උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක්‌ යෑයි ද ඔව්හු කියා සිටියහ.

ශිරාන් රණසිංහ
http://www.divaina.com/2014/08/08/news03.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!