Pages - Menu

Pages

Pages

Thursday, September 4, 2014

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්! වීසා බලපත් නැති පාකිස්තාන ජාතිකයන් පිටුවහල් කිරීමට අවසර

වීසා බලපත් නැතිව මෙරට සිටින පාකිස්තානුවන් රටින් පිටුවල් කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් අවලංගු කර ඇති අතර, ඒ අනුව ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට රජයට හැකි වනු ඇත.

වීසා බලපත‍්‍ර නොමැතිව ලංකාවේ රැදී සිටින පාකිස්ථානු ජාතිකයන් රටින් පිටුවහල් කිරීමට අදාළ අංශ ගෙන ඇති තීරණ වළක්වාලන්නැයි ඉල්ලමින් පුද්ගලයන් සිවු දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් යළි කැදවනු ලැබූ අවස්ථාවේදී මේ සදහා පනවා තිබූ වාරණය අභියාචනාධිකරණය මෙලෙස අවලංගු කළේය.

මොවුන් යළි පාකිස්තානයට පිටුවහල් කරනු ලැබුවහොත් ඔවුන්ගේ ජීවිත තර්ජනවලට එල්ල විය හැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැනුම් දුන්නද,නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ වීසා නොමැතිව රැදී සිටින මෙම පුද්ගලයන්ගෙන් ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකි බවයි.

http://lankacnews.com/sinhala/news/121538/

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!