ඒ අනුව දීපාවලී උත්සවය යෙදෙන මෙම 22 වැනිදා සිට බෞද්ධ හින්දු මිත්‍රත්ව මාසයක් ප්‍රකාශයට පත්කිරීමද ඊයේ (14 වැනිදා) කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේදී සිදුවිය.
එම මාසයේ දී සෑම දිස්‌ත්‍රික්‌කයකම තෝරාගත් බෞද්ධ විහාරස්‌ථාන තුළදී හින්දු පූජකයින් බෞද්ධ චාරිත්‍රවලද, භික්‌ෂුන් වහන්සේලා හින්දු කෝවිල් තුළදී හින්දු චාරිත්‍රවලද නියෑලීමට ද, බෞද්ධ හින්දු සමුළුවක් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට නියමිතය.
අධිරාජ්‍යවාදීන් විසින් ගොඩනැගූ කළු සුද්දන් නිසා සිංහල-හින්දු සමඟිය බිඳ වැටුණු බවත්, තවදුරටත් එය එසේ නොවිය යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමල ජෝති හිමියෝ පැවැසූහ. මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුන් ඛාන්ත්, ලේකම් වී. මුරලිදරන් ඇතුළු පිරිසක් ද එක්‌වූහ.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/10/15/news16.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!