Pages - Menu

Pages

Pages

Wednesday, November 5, 2014

පාකිස්‌තානයේ වගා දේශසීමාවේදී මූසලු ත්‍රස්තයෝ මෙහෙයවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 60ක්‌ මරුට

ඉන්දු පාකිස්‌තාන් වගා දේශසීමාව අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් 60 ක්‌ මිය ගොස්‌ 110 ක්‌ තුවාල ලබා ඇත.

මෙම පිපිරීම මෙහෙයවා ඇත්තේ ජුන්දුල්ලා සහ ජමාන් අහාරාඡ් නමැති තහනම් සංවිධාන යෑයි හෙළි වී තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් 10 සහ ළමුන් හත්දෙනකු සිටින බව පාකිස්‌තාන් නිලධාරීහු පවසති.

මෙම බෝම්බකරු වගා මුරපළ අසලදී පරීක්‍ෂාවට ලක්‌ කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ පිපිරීම සිදු කර ඇතැයි පන්ජාබ් පොලිස්‌පති මුස්‌තාන් සුක්‌නෙත් පැවසීය. සෑම දිනකම වගා දේශසීමාව අසල ඉන්දියා පාකිස්‌තාන් සෙබළුන් රැස්‌ වී සිය ජාතික ධජය පහත හෙළිමේ. උත්සවවලට සහභාගි වන අතර එය නැරඹීමට විශාල පිරිසක්‌ පැමිණෙන බව වාර්තා වේ.

http://www.divaina.com/2014/11/04/provin01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!