Pages - Menu

Pages

Pages

Wednesday, December 10, 2014

සීගිරිය - කාබන් 10 පරීක්ෂණයෙන් සැකය නිවැරදි කරගනියි

සීගිරිය, දැරණියගල ගුහාවේ සිතුවම් ක්‍රිස්තු වර්ෂ 390ත් 540ත් අතර කාලයට අයත් බව කාබන් 14 කාලනිර්ණය කිරීමේ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. 

සීගිරිය ප්‍රධාන පර්වතයේ ගල්කෙවෙනියෙහි කාන්තා රූප හා කොටස් 22ක් 19 වන සියවසේ අග භාගයේ දී අනාවරණය කරගෙන ඇති අතර ඊට පහළින් වු කැටපත් පවුරේ තිබී කාන්තා චිත්‍ර කිහිපයක් ද අනාවරණය කරගෙන ඇත. 

මීට අමතරව දැරණියගල ගුහාවේ සිතුවම් සහිත බදාමයේ තිබී අඟුරු කැබැල්ලක් අනාවරණය කරගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

එම අඟුරු කැබැල්ල කාබන් 14 කාල නිර්ණ පරීක්ෂණයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාගාරයක් වෙත යැවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. 

අදාළ අමෙරිකානු විද්‍යාගාරයේ සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ඊට අදාළ කාල නිර්ණ ප්‍රතිඵල මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ඒ අනුව අදාළ අඟුරු සාම්පලය කාශ්‍යප රජ සමය හෝ ඊට ආසන්න කාලයකට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

http://sinhala.adaderana.lk/news.php?nid=47899

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!