Pages - Menu

Pages

Pages

Thursday, December 4, 2014

ප්‍රතිනිර්මාණය කළ අනුරාධපුර මහා විහාරය 7 දා සඟ සතු කෙරේ

වසර අටසියයක දීර්ඝ ඉතිහාසයකින් පසු නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ඓතිහාසික අනුරාධපුර මහා විහාරය ඉපැරණි චාරිත්‍රානුකූලව සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය මේ මස 07 වැනිදා පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ.

ෙත්‍රෙයනිකායික මහා නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය සහ ගිහි ආරාධිත ප්‍රභූවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.

මේ අනුව මහා විහාරය සඟසතු කිරීම මහා විහාරය නියෝජනය කරන මහා සංඝරත්නයට අතපැන්වත් කිරීමෙන් සිදු කෙරෙන බවත්, මෙවැනි අසමසම වූ අසදෘස පිංකමක්‌ නැවත කවදා සිදු කෙරේදැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඊයේ (03 දා) මහා විහාර පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මෙම පිංකමට සමගාමීව මේ මස 06 වැනිදා උඳුවප් පෝයදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක්‌ සහ පසුදින දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්‌ ද පැවැත්වේ.

මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර අභයගිරිය විහාරාධිකාරී අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියෝද සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2014/12/04/news10.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!