ඇය එසේ පැවසුවේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය වාර්ෂිකව ඉදිරිපත් කරන කලා අංශයේ සිසුන්ගේ වාර්ෂික විෂය බාහිර ව්‍යාපෘතියක් වන වසන්තයේ බිහිදොර වාර්ෂික කලා මංගල්‍ය උළෙලට සහභාගි වී දේශනයක් කරමිනි. එහිදී නන්දා මාලිනී මහත්මිය මෙසේ ද කීවාය.
"අපි තාත්තගෙ දරිද්‍රතාවය අත්වින්දා. ඒ නිසා අපි තාත්තගෙන් කිසිදෙයක් ඉල්ලුවේ නැහැ. අපි ජීවත්වුණු වත්තෙ තව ලොකු ගෙවල් තිබුණා. ගොඩාක් පොහොසත් උදවියත් හිටියා. සමහර දවස්‌වලට තාත්තා පොඩි පොඩි ඇඳුම් මහල මගෙ අතට දීල විකුණගෙන එන්න කියනවා. නමුත් ඒ පොහොසත් ගෙවල්වල උදවිය කවදාවත් ඇඳුම්වලට නියම මිල ගෙව්වෙ නෑ. හැමදාම හෙට්‌ටු කළා. දෙතුන් පාරට තමයි මුදල් දුන්නෙ.
සදාචාරය සහ සම්ප්‍රදාය ධර්මතා තුළින් අද දරුවන් ඈත්වෙලා. අප හැමදෙනාම සංවේදී වන තැන් තිබෙන බව මේ දරුවන් දැනගත යුතුයි. අද ළමයි ශාලාවක හැසිරෙන්න කොහොමද කියලා පාසලක හැසිරෙන්නෙ කොහොමද කියල බෙදාගත්ත බත්ටික කන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. අද රටේ පාසල් 10,000 ක් තියෙනවා. නමුත් කිරිබත් කෑල්ලක රස බලන්නෙ නැති ළමයි කී දාහක් මේ රටේ ඉන්නවද? මේ රටේ සම්ප්‍රදාය ධර්ම අද වියෑකිලා යමින් තිබෙනවා.
ඒ නිසා අපට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා කලාව, සෞන්දර්යය හඳුනන සතා, සීපාවා හඳුනන දරුවන් ටිකක් හදාගන්න. මේ උත්සාහයේදී දරුවන්ට වඩා දෙමාපියන් සංවේදී වෙන්න ඕනෑ. අම්මල සංවේදී නැත්නම් දරුවන් සංවේදී වෙන්නෙ නෑ. අම්මලා දරුවන්ට ආදරේ නම් තමයි ඒ දරුවා අපිට හදන්ඩ පුළුවන්. මේ රටේ මේ තරම් ප්‍රශ්න තියෙන්නේ දරුවන් තුළ සංයමයක් නැති නිසයි. මේ රටේ දරුවන් හොඳින් හදන්න අපිට උදව් දෙන්න.
රත්නපුර සීවලී මැදි විදුහලේ කලා අංශ ප්‍රධානී කුලසිරි රාජපක්‍ෂ මහතා ද අදහස් දැක්‌වීය.
තිලකසිරි දැල බණ්‌ඩාර
http://www.divaina.com/2015/01/07/news16.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!