Pages - Menu

Pages

Pages

Friday, February 6, 2015

තලේබාන්, අල්කයිඩා මෙරට හිතවතුන්ගේ වත්කම්, දේපොළ අත්හිටුවේ

තලේබාන් සහ අල්කයිඩා සංවිධාන සමග කටයුතු කරන සංවිධාන හා පුද්ගලයන්ගේ දේපොළ හා වත්කම් අත්හිටුවීම ඇතුලත් ගැසට් නිවේදනයක් විදේශ අමාත්‍යංශය විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ගැසට් නිවේදනයෙහි අදාල සංවිධානවලට සහයෝගය දක්වන පුද්ගලයන් සිටිතියි විදේශ රාජ්‍යන් විසින් සිදු කරනු ලබන සෑම ඉල්ලීමක්ම විදේශ ඇමැතිවරයා විසින් නිසි බලධාරයා වෙත යොමු කරනු ලැබ පරීක්ෂා කළයුතු යැයි දැක්වෙයි.

ඝෘජුව හෝ වක‍්‍රව හෝ යම් අරමුදල් වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් සහ මූල්‍ය හෝ වෙනත් ආශ‍්‍රිත සේවා මෙවැනි ත‍්‍රස්ත කණ්ඩායමකට,කල්ලියකට ලබා නොදිය යුතු බවද ගැසට් නිවේදනයෙහි දැක්වේ.

https://lankacnews.com/sinhala/news/128080/

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!