Pages - Menu

Pages

Pages

Thursday, April 30, 2015

ජාතික වෙසක්‌ සතිය අද සිට

ජාතික වෙසක්‌ සතිය අදින් (30 වැනිදා) ඇරඹේ.

අද සිට ලබන මැයි 06 වැනිදා දක්‌වා ජාතික වෙසක්‌ සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

වෙසක්‌ දිනය යෙදී ඇති මැයි 3 හා 4 යන දෙදින දිවයින පුරා සුරාසල්, මස්‌ අලෙවි සල්, බුකි ශාලා මෙන්ම කැසිනෝ ශාලාද වසා තබන බව රජය නිවේදනය කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක්‌ උත්සවය ලබන 3 හා 4 දිනයන්හි මහියංගන රජමහා විහාරයේ දී පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත. මෙවර වෙසක්‌ සතියේ තේමාව වන්නේ "මෛත්‍රිය වැඩවීම" යන්නයි.

වෙසක්‌ සමරු මුද්දරය පසුගිය 20 වැනිදා නිකුත් කෙරිණි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/04/30/news12.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!