Pages - Menu

Pages

Pages

Friday, April 24, 2015

පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයේදී බෞද්ධ කොඩිය පන්සිල් තහනම්. පුන්කළසත් ඉවත් කරලා!

හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඊයේ පැවැති ආගමික සහජීවනය හා සාමය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය ආරම්භයේදී පන්සිල් නොගැනීමත් බෞද්ධ කොඩිය එසවීම වැළැක්‌වීම පිළිබඳවත් බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්‌වී ඇත.

මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ අරමුදල් මතය.

බෞද්ධ විරෝධී මෙවැනි කටයුතු භික්‍ෂු විශ්වවිද්‍යාලයක සිදුවීම ගැන එහි ආචාර්ය මණ්‌ඩලයේ ද දැඩි විවේචනයට බඳුන්වී ඇත.

මෙම උත්සවය වෙනුවෙන් සකස්‌ කර තිබූ පුන්කළස්‌ පවා ඉවත් කිරීමට නියෝග ලැබී තිබිණි.

භික්‍ෂුන් වහන්සේලාට ආගමික සහජීවනය ඉගැන්වීම පිණිස පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයේ දේශන සඳහා මුස්‌ලිම් පූජකයකු ද මහායාන භික්‍ෂුවක ද කැඳවා තිබුණු බව විශ්විද්‍යාල ආරංචිමාර්ග කියයි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/04/23/news33.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!