Pages - Menu

Pages

Pages

Monday, January 18, 2016

නීලගිරියෙන් හමු වූ ධාතු වැඳ පුදා ගන්න මහ පිරිස්‌

අම්පාර නීලගිරි චෛත්‍ය පුරාවිද්‍යාත්මක කැණීම්වලදී සොයා ගන්නා ලද ශ්‍රී සර්වඥධාතූන් හා මහ රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනයක්‌ මාකොල සපුගස්‌කන්ද රජ මහ විහාරයේදී පැවැත්විණි. පසුගිය දිනවල එම ධාතූන් වහන්සේලා වැඳ පුදාගැනීමට බෞද්ධ බැතිමතුන් විශාල සංඛ්‍යාවක්‌ පැමිණියහ. සපුගස්‌කන්ද විහාරාධිපති දරණගම ඥනසිරි නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම පූජනීය කටයුත්ත විහාරස්‌ථ දායක දායිකාවන්ගේ හා ප්‍රදේශවාසීන්ගේද සහභාගිත්වයෙන් පැවැත්විණි. විහාරස්‌ථානය කරා පෙරහැරින් එම ධාතූන් වහන්සේලා වැඩම කරවූ අවස්‌ථාව මෙහි දැක්‌වේ. ධාතූ ප්‍රදර්ශනය අද (18දා) පෙරවරු 9.00 දක්‌වා පමණක්‌ එම විහාරස්‌ථානයේදී පැවැත්වෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂාව මත පූජනීය සත්කාර මධ්‍යයේ තිබෙන ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරලීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල සහයෝගයක්‌ ලබාදී තිබේ.

දෙල්ගොඩ -විතාන
http://www.divaina.com/2016/01/18/news13.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!