Pages - Menu

Pages

Pages

Tuesday, March 29, 2016

පාකිස්‌තානයේ ලාහෝර්හි කිතු සැමරුම් උත්සවයේදී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 65 ක්‌ දක්‌වා ඉහළට. 300 කට තුවාල!

පාකිස්‌තානයේ ලාහෝර්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 65 ක්‌ දක්‌වා වැඩිවී ඇත. 

තවත් 300 කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ. පාකිස්‌තාන් කිතු බැතිමතුන් ක්‍රිස්‌තුස්‌වහන්සේ මලවුන්ගෙන් උත්ථානය වීම සැමරීම සඳහා ක්‍රීඩාංගණයක සංවිධානය කර තිබූ උත්සවයට මෙම බෝම්බකරු කඩා වැදී ඇත. 

මියගිය අය අතර ළමුන් හා කාන්තාවන් රැසක්‌ද වේ. මෙම ත්‍රස්‌ත ප්‍රහාරය දියත් කර ඇත්තේ ජමාද් අහරාර් නමැති තාලිබාන් කණ්‌ඩායම බව හෙළි වී ඇත. 

අපේ අරමුණ වූයේ ක්‍රිස්‌තියානින් ඝාතනය කිරීමයි යෑයි එම ත්‍රස්‌ත කණ්‌ඩායමේ ප්‍රකාශක ඉෂ්නුල්ලා ඊෂාන් පවසා තිබේ.

එහෙත් මේ ප්‍රහාරය ගැන ජනතා විරෝධය මතුවී ඇත.

http://www.divaina.com/2016/03/29/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!