Pages - Menu

Pages

Pages

Saturday, March 12, 2016

ජය ස්‍රී! පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දීමනා දහස් ගණනින් ඉහලට!

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් ගෘහ කාරක සභාව ගනු ලැබූ තීරණයකට අනුවයි.

දැනට නිල නිවාස නොමැති මන්ත‍්‍රීවරු සඳහා රුපියල් පනස්දහසක ගෙවල් කුලී දීමනාවක් ද කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මාසිකව රුපියල් හැත්තෑ පන්දහසක දීමනාවක් ද ලබාදීමට එම කමිටුව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල කාරක සභා රැස්වීම් සඳහා සහභාගි වන මන්ත‍්‍රීවරුන්ට දීමනාවක් ලබාදීම සහ දුරකථන ගාස්තු සඳහා ලබාදෙන දීමනා වැඩි කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කමිටු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළා.

Neth

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!