බ්‍රසල්ස් ප්‍රහාර පිළිබඳව සිය සතුට පළ කරමින් අයිසිස් සාමාජිකයන් ඊයේ (23දා) සිරියාවේ තම පාලන ප්‍රදේශවල කුඩා දරුවන්ට රසකැවිලි බෙදා දී ඇත.පෙරේදා (22 දා) පෙරවරුවේ බ්‍රසල්ස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 34 ක් මියගොස් තවත් 250 ක් තුවාල ලැබූහ.
අඟහරුවාදා ප්‍රහාරයට දින හතරකට පෙර පැරිස් ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන අබ්දෙසලාම් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වූ මෙම අයිසිස් සාමාජිකයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් සකස් කරමින් සිටි බවට ය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 130 ක් මරණයට පත් වූහ.
චතුර පමුණුව
http://www.divaina.com/2016/03/24/news01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!