බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස් ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස් තවදුරටත් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත. මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක් පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත.
ටැමිල්ස් ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස් හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/04/19/news07.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!