මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරුගේ මෙම ඉල්ලීම ඉන්දියාවේ සියලුම දේශපාලන පක්‍ෂ විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.
ඉන්දීය හමුදාව කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පාකිස්‌තානයේ අගමැති නවාස් ෂරීප් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කර තිබිණි.
එහෙත් ඉන්දියාවේ දේශපාලන පක්‍ෂ පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන බවයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශයක් කරමින් බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා කිරීමට තමා ඉදිරිපත් වන්නේ නැතැයි සඳහන් කර ඇත.
කාෂ්මීරය සම්බන්ධව කිසිදු එකඟතාවන්ට එන්නේ නැතැයි ද නරේන්ද්‍ර මෝදි තවදුරටත් දන්වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/08/17/news12.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!