* රහස් වට්‌ටෝරු මට කට පාඩම්...
* වස විස ඇති ආහාරත් ආතරයිටිස්‌වලට හේතුවක්..
ප්‍රශ්නය - ආතරයිටිස් රෝගය ගැනත් එය වැළඳුණු විට ගත යුතු ආහාර පාන ගැනත් පසුගිය සතියේ අප සාකච්ඡා කළා. ආතරයිටිස් රෝගය වැළඳෙන්නේ කොහොමද?
වෛද්‍ය වික්‍රමආරච්චි - ආතරයිටිස් රෝගයේ ප්‍රභේද සියයකට වඩා තිබෙන බව මෙහිදී මුලින්ම සඳහන් කළ යුතුයි. ඒවා වෙන වෙනම නොකියා ප්‍රධාන ප්‍රභේද කිහිපය ගැන පමණක් ඉදිරියේදී විස්‌තර කරන්නම්. ආතරයිටිස් වැළඳීමට ප්‍රධාන වන හේතු කිහිපයක් තිබෙනවා. ඒවා තමයි 1. අස්‌ථි බිඳීමක් හෝ අස්‌ථියක තුවාලයක් හට ගැනීම. 2. වස විස සහිත ආහාර වර්ග. 3. වාත රෝග හට ගැනීමට මුල්වන ආකාරයේ ශාරීරික පිහිටීමක් තිබීම. 4. උපතින් නොඑසේ නම් ජාන මගින් රෝගය පැමිණීම. 5. දරුණු බැක්‌ටීරියා රෝග ශරීරය තුළ දිගු කලක් පැවැතීම. 6. ප්‍රතිශක්‌තිකරණය දුර්වල වීම, පරිහානියට පත්වීම හෝ අවජනන තත්ත්වයක් හට ගැනීම.
ප්‍රශ්නය - මේ කොයිකෙන් හැදුනත් ආතරයිටිස් සුවපත් කළ හැකිද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. අප පාරම්පරිකව අත්හදා බැලූ මහා හරි තෛලය සහ කසාය වර්ග කිහිපයක් මගින් මාස හයකට අඩු කාලයක් තුළ ආතරයිටිස් සුව කළ හැකි බව මා වගකීමෙන් යුතුව කියනවා. අපේ කසාය ආයුර්වේද කසාය නොවෙයි. ඒවා නියම සිංහල වෙදකමේ එන කසාය. හැබැයි අපේ ප්‍රතිකාරය වගේම රෝගියාගේ කැපවීමත් මෙහිදී වැදගත්. සමහර විට ආත්‍රයිටිස් රෝගීන්ට කැල්සියම් පෙති වර්ග බහුලව දෙන අවස්‌ථා තියෙනවා. එවිට ඇට ලියෑලීම හා යටි පතුල්වල ගල් තැලුම් වැනි කැල්සියම් තට්‌ටු හට ගැනීම් සිදු වෙනවා. මහා හරි තෛලය සහ කසාය වර්ගවලින් මේ රෝග තත්ත්වයන් සුව කරන්න පුළුවන්. මෙසේ කැල්සියම් වර්ධනය වීම හරිම භයානකයි. එය කෙළවර වනවිට අත පය නවන්නට බැරිව සන්ධි අගුල් වැටෙන තත්ත්වයක් හට ගන්නවා.
ප්‍රශ්නය - ආතරයිටිස් රෝගය වැළඳීමට මුල්වන හේතු පිළිබඳව තවදුරටත් විස්‌තර කරන්නට පුළුවන්ද?
ප්‍රශ්නය - ඔබ ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තේ කොයි කාලයේ සිටද? ඔබෙන් ප්‍රතිකාර ලබා මුලින්ම සුව වූයේ කවුද?
ලබන සතියේ ඔස්‌ටියෝ ආතරයිටිස්
මේ පිළිබඳ උපදෙස් සඳහා 0759061771 අංකයට කතා කරන්න.
සාකච්ඡා කළේ, අශේන් රඹකොස්‌වැව
http://www.divaina.com/2016/08/07/feature01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!