Pages - Menu

Pages

Pages

Tuesday, July 25, 2017

රෙදි පෝලිමක් එක දිගට ගැලවී වැටෙයි.. බැදුම්කර බෑණා ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…

මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.

අදාල මහල් නිවාසය අයත් ව්‍යාපාරික කාන්තාව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවත් එහිදී ඇය දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.

නිවසේ එක් මසක් සදහා කුලිය රුපියල් ලක්ෂ 14ක් බවත් ඇය එහිදී වැඩි දුරටත් හෙලි කලාය.

හිරු රූපවහිනිය සියළු විස්තර සහිතව මේ සම්බන්ධයෙන් විකාශණය කල ප‍්‍රවෘත්තිය මෙතනින්

Lanka C News

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!