Pages - Menu

Pages

Pages

Friday, January 18, 2013

මූසළු රක්ෂණ, බැංකු... අවසානය ෂරියා නීතියද?



ඉස්ලාමීය මූල්‍ය මූල ධර්ම වලට අනුව ක්‍රියා කරන අමානා බැංකුව නැගෙනහිර පළාතේ සිය ශාඛා ප්‍රමාණය හයක් දක්වා පුළුල් කරයි. 

මේ අනුව, නව ශාඛාව නින්ටවුර් හි, ආරම්භ කර තිබෙන අතර කාත්තන්කුඩි, කල්මුණේ, ඔඩ්ඩමාවඩි, සමන්තුරේ සහ අක්කරපත්තු යන නගරවල දැනටමත් බැංකුවේ ශාඛා පිහිටුවා ඇත. 

මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන මෙම ප්‍රදේශවල යුද්ධයෙන් පසුව සිය ව්‍යාපාරික කටයුතු වලට සුවිශාල අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක, ෆයිසාල් සාලීහ් කියයි. 

බැංකුව විසින් මෙම ප්‍රදේශවල කෘෂි කාර්මික, ධීවර මෙන්ම වෙළඳාම් කටයුතු සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරමින් මූල්‍ය සේවා සපයන බව සඳහන්ය. 

අමානා බැංකුවේ කොටස් කරුවන් අතර මැලේසියාවේ Bank Islam, සෞදි අරාබියේ Islamic Development Bank සහ බංග්ලාදේශයේ AB Bank සිටී. http://lankacnews.com/sinhala/other-news/88762/

Pics & SHARIA info - http://www.amanabank.lk/index.php/en/amana-bank/sharia-banking

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!