Pages - Menu

Pages

Pages

Friday, January 18, 2013

මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් තිදෙනා මන්නාරම පොලිසියට පැමිණිලි කොට තිබේ.

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ.

තමන්ට එල්ල වූ මරණීය තර්ජනය ගැන පොලිසියට පැමිණිලි කළත් ආරක්‍ෂාව වෙනුවෙන් මෙතෙක්‌ කිසිදු වැඩපිළිවෙළක්‌ යොදා නැතැයි එම මාධ්‍යවේදීහු පැවසූහ.

පැමිණිල්ල ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වාගෙන යන නමුත් තර්ජනය කළ පිරිස ගැන මෙතෙක්‌ තොරතුරු අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසයි.
http://www.divaina.com/2013/01/18/news08.html

සබැඳි ලිපි -
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය...
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!