Pages - Menu

Pages

Pages

Sunday, June 9, 2013

වැඩිපුරම උපත් පාලන ක‍්‍රම අනුගනමය කරන්නේ සිංහලයෝ - නන්දිමිත‍්‍ර ඒකනායක

වැඩිපුරම උපත් පාලන ක‍්‍රම අනුගනමය කරන්නේ සිංහලයන් යයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පවසයි.

දිගටම මෙසේ වුවහොත් සිංහල ජාතිය වඳ වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

‘ජනගහන වර්ධන වේගය ගත්තහම සිංහලයෝ අඩුවෙලා. වැඩි වශයෙන් උපත් පාලන ක‍්‍රම අනුගමනය කරන්නේ අපේ සිංහල බෞද්ධයෝ.

උපත් පාලන අලෙවිකරුවෝ දාපු පුංචි පවුල රත්තරන්කියන තේමාපාඨයට අපේ මෝඩ සිංහල මිනිස්සු රැවටුනා.

දරුවෝ වැඩිවුනා කියලා ඒක ආර්ථිකයට හයියක් මිස බරක් නෙමෙයි. වැලේ ගෙඩි වැලට බර නෑ කවදාවත්. මේ විදිහට දිගටම ගියොත් වෙන්නේ සිංහලන් වඳ වෙන එකයි’ යයිද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

June 9, 2013 at 1:14 pm | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!