Pages - Menu

Pages

Pages

Tuesday, July 23, 2013

13ට එහා ගිය 13+ වෙනුවෙන් සහ ඉඩම්, පොලිස් බලතල ඉක්මවූ බලයක් වෙනුවෙන්, දෙමළ සන්ධාන පක්‍ෂ නායකයෝත් උතුරේ ඡන්ද සටනට

උතුරු පළාත් සභා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් දෙමළ පක්‍ෂ නායකයන් කිහිපදෙනකුම තරග කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ටෙලෝ පක්‍ෂය වෙනුවෙන් කේ. සිවාජිලිංගම්, දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී, ප්ලොට්‌ සංවිධානය වෙනුවෙන් කේ. සිද්ධාර්ථන් යන මහත්වරුන්ට ද පක්‍ෂවලින් ආරාධනා ලැබී ඇතැයි දෙමළ සන්ධානයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙයට අමතරව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද තම පක්‍ෂයෙන් තරග කිරීමට ඉල්ලා ඇතැයි හෙතෙම කීය.

මේ වන විට දෙමළ සන්ධානයට අයත් පක්‍ෂ වෙත දිස්‌ත්‍රික්‌කවලට අපේක්‍ෂකයන් ලබාදීමේ අනුපාතය සකස්‌ කරමින් සිටින බව කී ඒ මහතා, යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවල එම කටයුතු අවසන්ව ඇතැයි ද වව්නියාව හා මන්නාරම දිස්‌ත්‍රික්‌කවල අද අවසන් කරන බව ද කියා සිටියේය.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/07/23/news02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!