Pages - Menu

Pages

Pages

Thursday, July 18, 2013

කච්චතිවු යළි පවරා ගන්නැයි ඉල්ලන කරුණානිධිගේ නඩුවට ඉන්දීය රජය උසාවි කැඳවයි

කච්චතිවු දූපත යළි පවරා ගන්නා ලෙස ඉල්ලමින් හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි ගොනුකර තිබූ පෙත්සම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට නියෝග කර ඇත.

විනිසුරු එම්. කලිපුල්ලා සහ විනිසුරු වික්‍රම්ජිත් මෙම පෙත්සම විභාග කිරීමට තීරණය කර තිබේ. 1974 ජුනි මස 26 සහ 28 දා අත්සන් කළ කච්චතිවු ගිවිසුම ව්‍යවස්‌ථා විරෝධී බවට නිගමනය කරන්නැයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කෙරුණු මේ ගිවිසුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගෙන නැතැයි ද, කරුණානිධි සඳහන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/18/news15.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!