Pages - Menu

Pages

Pages

Monday, August 19, 2013

ලක්‌ෂාර් ඊ ටයිබා න්‍යායාචාර්ය අබ්දුල් කරීම් ටුන්ඩා ඉන්දීය අත්අඩංගුවට

ලක්‌ෂාර් ඊ ටයිබා සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන අබ්දුල් කරීම් ටුන්ඩා ඉන්දු - නේපාල දේශසීමාවේදී ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. 70 හැවිරිදි ටුන්ඩා ඉන්දියාවට අත්‍යවශ්‍ය ත්‍රස්‌තවාදීන් සිව්දෙනාගේ ලැයිස්‌තුවේ ප්‍රමුඛව සිටි පුද්ගලයෙකි.

ටුන්ඩා කරච්චි සිට කත්මන්ඩු නුවරට පැමිණ ඇති අතර එහිදී නේපාල ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගවට ගෙන පසුව ඉන්දීය බලධාරීන්ට භාරදී ඇත. නේපාල හා ඉන්දීය බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුව මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

http://www.divaina.com/2013/08/19/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!