Pages - Menu

Pages

Pages

Saturday, September 21, 2013

2014 ඉන්දීය මහ මැතිවරණය - බ්‍රාහ්මණ රාහුල් ගාන්ධිට එරෙහිව නිර් ප්‍රභූ නරේන්ද්‍ර මෝඩි

ගුජරාටයේ ප්‍රධාන ඇමැති නරේන්ද්‍ර මෝඩි 2014 ඉන්දීය මහ මැතිවරණයේ භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ ඉකුත් 13 වැනිදාය. 1950 සැප්තැම්බර් 17 වැනිදා අහමදාබාද් නුවර සිට කිලෝ මීටර් 100 ක්‌ ඈතින් පිහිටි විද්නගර් හි උපන් මෝඩිගේ පියා කුඩා වෙළෙඳසලක්‌ පවත්වාගෙන යමින් ජීවිකාව සරිකර ගත්තෙක්‌ විය. ඔවුන් අයත්වූයේ පහළ කුලයකටය. කුඩා කාලයේ මේ අගමැති අපේක්‍ෂකයා සිය වැඩිමහලු සහෝදරයාගේ වෙළෙඳසලේ තේ හා බනිස්‌ වික්‌කේය.

ඉන්දියාව 1947 සිට පාලනය කරනු ලැබූ 13 දෙනාම බ්‍රාහ්මණ කුලයට හෝ ඉහළ උසස්‌යෑයි සැළකෙන කුලවලට අයත් ප්‍රභූ පවුල්වල සාමාජිකයෝ වූහ.

2014 දී තේ වෙඳාම් කළ මෝඩි ජයග්‍රහණය කළහොත් බමුණු කුලයට පහරක්‌ වදිනු ඇත.

කෙසේ නමුත් මේ 63 හැවිරිදි නායකයා නිසා ඉන්දියාවේ පීඩිත කුලවල ජනතාවට උද්දීපනයක්‌ ලැබෙන බව ආචාර්ය බෂ්කාර් රාඕ පවසයි.

එදා 1861 දී ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේදී කළ විප්ලවය මෙවර මෝඩිට කළ නොහැකි මන්දැයි ආචාර්ය රාඕ ප්‍රශ්න කරයි.

2014 ඉන්දීය මහමැතිවරණයේ මෝඩිගේ ප්‍රතිවාදියා වන්නේ නේරු අගමැතිගේ මී මුණුපුරා වන රාහුල් ගාන්ධිය. ප්‍රභූ කුලයේ රාහුල් ගාන්ධිට වඩා නිර්ප්‍රභූ මෝඩිගේ ජනප්‍රියතාවය ඉතා ඉහළය.

http://www.divaina.com/2013/09/21/forign09.html

1 comment:

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!