Pages - Menu

Pages

Pages

Monday, September 30, 2013

චතුර පමුණුවගේ 'බොදු අභියෝග' ග්‍රන්ථය ජනගත කිරීම අද

දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයකු වන චතුර පමුණුව මහතා විසින් රචනා කරන ලද බොදු අභියෝග ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය අද (30 වැනිදා) සවස 3.30 ට කොළඹ පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

චතුර පමුණුව මහතාගේ සිව්වැනි ග්‍රන්ථය වන මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණන් හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා විශේෂ දෙසුම් පවත්වති.

වර්තමාන බෞද්ධයා මුහුණදෙන අභියෝග පිළිබඳව චතුර පමුණුව මහතා විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය මගින්, ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලොව පුරා බෞද්ධයන්ට මුහුණදීමට ඇති ප්‍රශ්න අභියෝග ගැන මනාව හෙළිකර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/09/30/news06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!