Pages - Menu

Pages

Pages

Monday, September 30, 2013

සෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌

අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට කතරගම කිරිවෙහෙර විහාරස්‌ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත.

27 දා සවස සෝරත හිමියන්ගේ දේහය කිරිවෙහෙර විහාරස්‌ථානයට වැඩමවූ අතර ගෞරව බුහුමන් දැක්‌වීම පිණිස මේවනවිට මහජනයා විශාල පිරිසක්‌ පැමිණ සිටිති.

තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්, සිතුල්පව්ව විහාරාධිපති ශාස්‌ත්‍රපති මැටරඹ හේමරතන හිමියන්, කතරගම අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ඌව පළාත් ප්‍රධාන ඇමැති හා කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනී සුමේධා ජයසේන, පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක්‌ පැමිණ සිටියහ.

කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/09/30/news04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!