Pages - Menu

Pages

Pages

Friday, October 4, 2013

ඉන්දීය ධීවරයන් 66 ක්‌ එරට වෙරළාරක්‍ෂක බළකායට භාරදෙයි

මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 66 දෙනෙකු නාවික හමුදාව පෙරේදා (2 වැනිදා) ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය වෙත භාරදී ඇත.

මෙම ධීවරයන් නාවික හමුදාවේ ''උදාර'' නමැති නෞකාව මගින් තලෙයිමන්නාරම මුහුදු සීමාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය වෙත භාරදී ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවසීය.

මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම ධීවරයන් පසුගිය දින කිහිපය තුළදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/10/04/news14.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!