Pages - Menu

Pages

Pages

Tuesday, October 22, 2013

ඌව වෙල්ලස්‌ස සරසවියේ කුලපති ධුරයට බෙංගමුවේ ධම්මදින්න හිමි

පැල්මඩුල්ල රාජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී පාදස්‌ථානාධිපති පූජ්‍යපාද බෙංගමුවේ ධම්මදින්න නායක ස්‌වාමීන් වහන්සේ ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කර ඇත.

පූජ්‍යපාද බෙංගමුවේ ධම්මදින්න නායක ස්‌වාමීන් වහන්සේ ලෝ හිත සුව පිණිස ශාසනික ආගමික ජාතික මෙහෙවරෙහි නිරත වන ධර්මධර විනයධර මහා යතිවරයාණන් වහන්සේ නමකි. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම කරන ලද්දේ පසුගියදා අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අළුත්වැව සෝරත නාහිමිපාණන් වහන්සේගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහාය.

මේ සම්බන්ධව නිල නිවේදනය ඉකුත් 09 වැනිදා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් නිකුත් කරන ලදී.

http://www.divaina.com/2013/10/21/news04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!