Pages - Menu

Pages

Pages

Tuesday, October 29, 2013

සුලතලුන් ඕනැවට වඩා සුරතල් කරන්නේ පරිස්සමින්. බල්ලාගෙන් විෂබීජ ගොස් ඇසක් අහිමි වූ අමිලගේ කථාව...


කතරගම දියවර ගම්මානයේ පදිංචිව සිටින කතරගම ජනාධිපති ජාතික පාසලේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන පුංචි හේවාගේ අමිල මදුසංක දරුවාගේ දකුණු ඇස මුළුමනින් අක්‍රීය වීමේ සෝචනීය පුවතක්‌ වාර්තා වේ.

වසර 7 ක්‌ වැනි පුංචි අමිල ගේ දකුණු ඇසට ඇතුළු වූ විෂබීජයක්‌ මගින් ඇසෙහි ස්‌නායු සියල්ල මැරී ඇතැයි වෛද්‍යවරු පවසති.

මාස දෙකක්‌ පමණ හම්බන්තොට රෝහලේත් කොළඹ ඇස්‌ රෝහලේත් ප්‍රතිකාර ලැබූ අමිල මේ වන විට සිය නිවසට පැමිණ සිටින අතර සිය දකුණු ඇස අහිsමි වීම පුංචි අමිලට ඉගෙන ගැනීම් කටයුතුවලට ද බාධාවක්‌ වී ඇත.

අමිල ගේ පියා වන පුංචිහේවාගේ අජන්ත මහතා පැවසුවේ වෛද්‍යවරුන් පව සන්නෙත් අමිලගේ ඇස යළිත් සුවපත් කර ගැනීමට නොහැකි බවත් ඇසට බලු අසුචි සමග ඇති විෂබිජයක්‌ ඇතුළු වී ස්‌නායු අක්‍රියවීමෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවකි.

මගේ දරුව ගේ ඇස සනීප කර දෙන්න පුලුවන් වෛද්‍යවරයකු ඉන්නවා නම් දරුවා සනීප කර දෙන්න. මගේ ඇහැක්‌ හරි ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකි යෑයි හැඬු කඳුළි පියා වන අජන්ත මහතා පැවැසීය. 

ඒ මහතාගේ දුරකථන අංකය 0724611860.

කතරගම - කේ.ඩී. දේවප්‍රිය 
http://www.divaina.com/2013/10/28/news34.html

1 comment:

  1. Dr. Charith Fonseka, General Eye Hospital or Durdans Hospital

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!