Pages - Menu

Pages

Pages

Tuesday, October 29, 2013

කොටි සුසාන භූමි ඉදිකළොත් අත්අඩංගුවට

කොටි සුසාන භූමි ඉදිකිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්‍ෂක බලධාරීන් උතුරේ පොලිස්‌ ස්‌ථානවලට හා ආරක්‍ෂක ප්‍රධානීන්ට නියෝග කර ඇත.

නොවැම්බර් මසට යෙදී ඇති මියගිය කොටි සැමරීමේ කාල සීමාවේ උතුරේ ඇතැම් පිරිස්‌ කොටි සුසාන භූමි ඉදිකිරීමට සැලසුම් කරන බව බුද්ධි සේවාවන්ට වාර්තා වී තිබේ.

කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ බවත් ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

මෙම කොටි සුසාන භූමි නැවත ස්‌ථාපිත කළ යුතු බවට චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 15 ක්‌ අත්සන් කළ ලිපියක්‌ මහ ඇමැති විග්නේශ්වරන්ට බාරදී තිබේ.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසන්නේ කොටි සුසාන භූමි ඉදිකිරීමට කිසිවකුටත් අයිතියක්‌ නැති බවයි.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/10/29/news13.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!