Pages - Menu

Pages

Pages

Tuesday, October 29, 2013

පොලොම්මාරුවේ වාචිස්‌සර හිමි කිරිවෙහෙර වැඩබලන නාහිමි පදවියට

අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගෙන් පසු පුරප්පාඩුව පවතින කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේ තාවකාලික භාරකාරත්වය කතරගම ප්‍රාදේශීය ලේකම් ටී. බී.එම්. අතපත්තු මහතා වෙත පවරා ඇත.

බෞද්ධ කටයුතු පිළිබඳව කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රප්‍රෙAම ගමගේ මහතා විසින් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේදී මෙම භාරකාරත්වය පවරන අතර විහාරස්‌ථානයේ වැඩ බැලීම සඳහා ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියෝ පත්කරනු ලැබූහ. ලබන පළමු වැනිදා නායක හිමියන් තේරීම මල්වතු විහාරස්‌ථානයේදී සිදු කිරීමට නියමිත අතර කිරිවෙහෙර දායක සභාවේ සාමාජිකයන් පවසන්නේ නියත වශයෙන්ම පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියන් නායක පදවිය සඳහා පත්වීමට ඉඩ ඇති බවයි.

කතරගම - කේ.ඩී. දේවප්‍රිය 
http://www.divaina.com/2013/10/29/news14.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!