Pages
▼
විග්නේශ්වරන් ජනපති ඉදිරියේ පළාත් ඇමැතිධූරයේත් දිවුරුම් දෙයි
උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා එම පළාතේ මුදල් හා සැලසුම්, නීතිය හා සාමය, ඉඩම් මාර්ග සංවර්ධන, විදුලිය, නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමුපකාර සංවර්ධන, සමාජ සේවා, පුනරුත්ථාපන, වනිතා කටයුතු, ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන හා පළාත් සභා පරිපාලන ආහාර සැපයුම් හා බෙදාහැරීම් විෂය භාර ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඊයේ 17 වැනිදා පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන, එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌වූහ.
අනුර බාලසූරිය
http://www.divaina.com/2013/10/18/news11.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!