Pages - Menu

Pages

Pages

Friday, October 25, 2013

මිහින්තලේ සමාධි බුදුරුව මත නැග ඡායාරූප ගත් පිය පුතු දැලේ

මිහින්තලේ රජමහා විහාරස්‌ථානයේ උඩමළුවේ සමාධි බුද්ධ ප්‍රතිමාව මත නැග බුදුදහමට නිගාවන අයුරින් ඡායාරූප ගනිමින් සිටි එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික පිය පුතු දෙදෙනකු මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (24 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

ටැබ්ලට්‌ වර්ගයේ පරිගණකයකින් සහ ජංගම දුරකථනයකින් මෙලෙස ඡායාරූප ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බෞද්ධ නොවන දෙදෙනකු වන එංගලන්තයේ පදිංචි 51 හැවිරිදි භාෂා පරිවර්තකයකු සහ වෛද්‍යවරයකු වන ඔහුගේ 25 හැවිරිදි පුත්‍රයායි.

ඔවුන් දෙදෙනා සතුව තිබූ පරිගණකය සහ ජංගම දුරකථනය මිහින්තලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සඳහා සිය භාරයට ගෙන තිබේ.

එම සැකකාර පිය පුතු දෙදෙනා මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (24 දා) සවස අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2013/10/25/provin10.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!