Pages - Menu

Pages

Pages

Friday, November 15, 2013

ජාතික සන්නිවේදනයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ටෙලිකොම් පසුගිය මාස 9 යේදී බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 5.3 යි

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් සමූහය ගෙවුණු මාස 09 ඇතුළත බදු ගෙවීමට පෙර ලාභය ලෙස රුපියල් බිලියන 5.3 ක්‌ උපයාගෙන ඇත. 

එය 2012 වසරට වඩා 13% ක ඉහළ යැමකි.

ශ්‍රී ලංකාවේ ජාතික නිල දුරකථන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ නිල සංනිවේදන සහකරුද වේ.

ගෙවුණු මාස 09 සඳහා නිකුත් කර ඇති මුල්‍ය වාර්තාවට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් සමූහය රුපියල් බිලියන 44.6 ක ආදායමක්‌ හිමිකර ගෙන තිබේ.

එය 2012 වසරට වඩා 5% ක ඉහළ යැමකි.

සිය සමාගම් සමූහයේ මෙහෙයුම් කටයුතු සඳහා රුපියල් බිලියන 30.68 ක්‌ වැයකර ඇති අතර එය ගෙවුණු වසරට වඩා 9% ක මුදල් යෙදවීමකි.

ගෘහස්‌ථ දුරකථන සැපයුම්, ජංගම දුරකථන සැපයුම් අන්තර්ජාල පහසුකම්, පියෝ ටී. වී. දත්ත සැපයුම් ඇතුළු සේවා රැසක්‌ සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය ෂීධ 9001, 2008 සහතිකයද හිමිකරගෙන සිටී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පමණක්‌ ගෙවුණු මාස 09 ඇතුළත රුපියල් බිලියන 26.9 ක ආදායමක්‌ උපයාගෙන ඇත. එය 2012 වසරට වඩා 4% ඉහළ යැමකි.

මොබිටෙල් සමාගමේද ගෙවුණු මාස 09 ඇතුළත ආදායම 11% කින් ඉහළ ගොස්‌ ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ වත්මන් සභාපති ලෙස නිමල් වෙල්ගම සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ලලිත් ද සිල්වා යන මහත්වරු කටයුතු කරති.

http://www.divaina.com/2013/11/14/news24.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!