මෙම ප්‍රහාරයෙන් විසිතුන්දෙනකු මියගොස් ඇතැයි බීරූට් නිලධාරීහු පවසති. මින් එක් බෝම්බයක් පුපුරුවාගෙන ඇත්තේ යතුරු පැදියකින් පැමිණි ත්‍රස්‌තයෙක් යෑයි ලෙබනන් නිලධාරීහු සඳහන් කර ඇත.
අනෙක් ත්‍රස්‌තයා පැමිණ ඇත්තේ මෝටර් රියක යෑයි හෙළි වී තිබේ. මෙම බෝම්බ පිපිරීමෙන් 146 ක් තුවාල ලබා ඇත.
මෙහිදී ඉරාන තානාපති නිලධාරියකු වූ ඉබ්‍රහම් අන්සාරි ද මිය ගොස් ඇතැයි ලෙබනනයේ ඉරාන තානාපතිවරයා පැවසීය. මෙකී මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් සිදු වී ඇත්තේ හිස්‌බුල්ලා සංවිධානය පාලනය කරන ප්‍රදේශයේ යෑයි සහන සේවකයෝ කියා සිටී. මේ අතර ඉදිරි කාලයේදී ද මෙවැනි බෝම්බ පුපුරුවන බවට එකී සංවිධානය අනතුරු අඟවා ඇත. හිස්‌බුල්ලා සංවිධානය සිරියානු රජයට සහාය දක්‌වයි. අල්කයිදා සංවිධානය සිරියානු රජයට එරෙහි කැරලිකරුවන්ට සහාය දක්‌වන බව හෙළි වී ඇත.
http://www.divaina.com/2013/11/21/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!