Pages - Menu

Pages

Pages

Thursday, November 21, 2013

උතුරු සංවර්ධන කමිටුවට දෙමළ සන්ධානයෙන් කොන්දේසි

උතුරු පළාත් සංවර්ධන කමිටුවට ප්‍රධාන ඇමැතිවරයාද ඇතුළත්ව සම සභාපති කණ්‌ඩායමක්‌ ඇති කරන තෙක්‌ එම කමිටුවේ රැස්‌වීමට දෙමළ ජාතික සන්ධානය සහභාගි නොවන බව සන්ධානයට අයත් පක්‍ෂයක නායකයෙක්‌ 'දිවයිනට' පැවැසීය.

පළාතේ වැඩි දේශපාලන බලයක්‌ හිමි දෙමළ ජාතික සන්ධානයත් ප්‍රධාන ඇමැතිවරයාත් ආණ්‌ඩුකාරවරයාත්, කැබිනට්‌ ඇමැතිවරුත් එම සභාපතිවරුන් ලෙස පත් කළ යුතු යෑයිද හෙතෙම කීය.

එමෙන්ම සංවර්ධන කමිටු රැස්‌වීමේ න්‍යාය පත්‍රය සියලු දෙනාට රැස්‌වීමට දින තීරණය කිරීමෙන් පසුව ලබාදිය යුතු යෑයිද හෙතෙම කීය.

පෙරේදා (19 වැනිදා) පැවැති සංවර්ධන කමිටු රැස්‌වීමට දෙමළ ජාතික සන්ධානය සහභාගි නොවූ අතර ඉහත ඉල්ලීම් පක්‍ෂය විසින් කමිටුවට දැනුම්දුන් බවද ඒ මහතා කීය. 

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/11/21/news06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!