මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රීඩා පදනම විසින් තරගාවලිය සංවිධානය කරනු ලබන අතර සිංගර් ශ්‍රී ලංකා ආයතනය ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දක්‌වනු ඇත.
14 වැනි වරටත් සංවිධානය කොට ඇති මෙම ක්‍රිකට් තරගාවලිය අංශ දෙකකින් සමන්විත වෙයි. ඒ අනුව අද (30 දා) සහ හෙට (1 දා) බෞද්ධ පාසල් ආදි සිසුන්ගේ වයස අවු. 40 ට වැඩි ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර දෙසැම්බර් 2 දා අවසන් බෞද්ධ පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතය.
කොළඹ ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් වල වත්මන් ක්‍රිකට් කණ්‌ඩායම් සය සාමාජික තරගාවලිය සඳහා ද, ආදිශිෂ්‍ය කණ්‌ඩායම් වයස අවු. 40 ට වැඩි තරගාවලිය සඳහා ද සහභාගිවනු ඇත.
More info | http://en.wikipedia.org/wiki/Henry_Steel_Olcott
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!