Pages - Menu

Pages

Pages

Tuesday, November 5, 2013

දුවන කෝච්චියේ එල්ලුනත් රේල් පාරේ පයින් ගියත් දඩ. නැත්නම් උසාවි! -

ධාවනය වන දුම්රියවලට දිව ගොස්‌ නගින සහ දුම්රිය මාර්ගයේ ඇවිද යන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා ඊයේ (4 වැනිදා) කීය.

එවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් හේතුවෙන් මේ වන විට දුම්රිය අනතුරු විශාල ලෙස වැඩිවී ඇතැයි ද කී ඒ මහතා මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවද කීය.


මෙම වැරදි සිදු කරන්නන් හසුකර ගනිමින් ඔවුන්ට දඩ හෝ උසාවි පමුණුවීමට මෙම සතියේ පටන් ක්‍රියා කරන බවද දුම්රියේ පාපුවරුවේ යැමද ඉතා අනතුරුදායක බවද හෙතෙම සඳහන් කළේය.


මේ බව කියා සිටියේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කිරීම් සම්බන්ධව එම කාර්යාලයේදී පැවැති අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.


අකිත පෙරේරා

http://www.divaina.com/2013/11/05/news34.html

කතෲ සටහන -
අනතුරු සිඳුවන්නේ මඟීන් රේල් පාරේ යන නිසා නොව, මැදිරියක් ඇතුලට යාගන්නට බැරි තරමට දුම් රිය මැදිරිවල සෙනඟ නිසාය. අධික මඟීන් ප්‍රමාණයට සරිලන  දුම්රිය සංඛ්‍යාවක් නොමැති නිසාය. මඟීන් දුව ගොස් එල්ලෙන්නේ, ඊලඟ දුම්රියක් ගැන බලාපොරොත්තුවක් නොමැති නිසාය. යන දුම්රියේ එල්ලෙන්නේ, තමන් එනතුරු මඟ බලාසිටින දරුවන් සහ බිරිඳ සිටින තම නිවස වෙත හැකි ඉක්මනින් ලඟවීම සඳහාය.

ආණ්ඩුවට මුදල් නැත. හැකිපමණ මුදල් සූරාගතයුතුය. පොලිසි වලටද දැන් 'ටාගට්' ඇත. පොලිස් නිලධාරියා පාරේ සිටිනා විනාඩි ගණනට සමානුපාතිකව දඩ සහ නඩු ගෙන ආ යුතුය. මෙය පිළිබඳව පෞද්ගලික අත්දැකීම් බොහොමයක් මෙම ලියුම් කරු සතුව ඇත. නිලධාරීන් සෘජුවම ඒ බව පවසා ඇත. මෙය මහජනය සූරාකමින් දුන ආණ්ඩුවකි.


සබැඳි ලිපි -

[
පාර දිගේ නඩු ඉල්ලා හිඟා කන, නැති වැරදි ඇතිකර 'ටාගට් කවර්' කරන රථවාහන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_6996.html
]

2 comments:

  1. අපි දිනපතාම හවස මරදානෙන් පැනලා එල්ලිලා තමයි යන්නේ. යකෝ අපි ඒවා කරන්නේ ආසාවට නෙවෙයි. පොලීසියෙන් අල්ලයි අපේ පුක.

    ReplyDelete
  2. Soora kannai hadanne

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!