Pages - Menu

Pages

Pages

Tuesday, November 5, 2013

තවීෂ ඝාතනය පළිගැනීමක්‌... මුසලු සැකකරුගේ පැටිකිරිය හෙළිවෙයි...

බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ්හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ෂම්රුස්‌ කාන් නමැති එම ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු යෑයි අනාවරණය වී ඇත.

මොහුට සහාය වූ තවත් 17 හැවිරිදි තරුණයකු ද දකුණු යෝර්ක්‌ෂයර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය මුදල් කොල්ලකෑමකට සිදු කළ දෙයක්‌ නොව පළිගැනීමට සිදුවූවක්‌ යෑයි දකුණු යෝර්ක්‌ෂයර් පොලිසිය සැක කරන බව ෂෙපීල්ඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ආරංචි මාර්ග පැවසීය.

මෙම ඝාතනයේ සැකකරුවන් ගැන අනාවරණය වී ඇත්තේ අසල නිවසක තිබූ සමීප රූප දැක්‌වෙන වීඩියෝ කැමරා පද්ධතියකිනි.

සැකකරුවන් දෙදෙනා ලබන සෙනසුරාදා (09 දා) දකුණු යෝර්ක්‌ෂයර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/05/news33.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!