Pages - Menu

Pages

Pages

Thursday, November 7, 2013

කොළඹ බටහිර තානාපති කාර්යාල දෙකක්‌ චොගම් පණිවුඩ "ටැප්" කිරීමට සැරසෙයි

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වෙන සමයේ කොළඹ බටහිර තානාපති කාර්යාල දෙකක්‌ සිය සවන්දීමේ උපාංග මගින් සමුළුවේ කටයුතු හා හුවමාරුවන දුරකථන පණිවුඩ නිරීක්‍ෂණය කරනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

මෙම බටහිර තානාපති කාර්යාල දෙකේ පියස්‌ස මුදුනේ අධි තාක්‍ෂණික සවන්දීමේ උපාංග ඇති බව ආරක්‍ෂක බලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කොළඹ නගරය හරහා ගුවනින් යන අවස්‌ථාවේ මේ උපාංග පැහැදිලිවම දැක ගැනීමට හැකිවේ.

බටහිර තානාපති කාර්යාලවල සවන්දීමේ උපකරණ ඇති බව කියපු සීඅයිඒ නිලධාරි එඩ්වඩ් ස්‌නෝවන් විසින් හෙළිකර ඇත.

විශේෂයෙන් වයිෆයි අන්තර්ජාල ක්‍රමය හරහා ක්‍රියාත්මක වන පණිවුඩ හසුකර ගැනීමට එකී තානාපති කාර්යාලවලට හැකිවන බවට විද්යුත් ඉංජිනේරු ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/07/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!