Pages - Menu

Pages

Pages

Monday, November 25, 2013

සිංහල ජාතියට එරෙහිව මුස්‌ලිම්-දෙමළ හවුල් සන්නද්ධ අරගලයක් ඇරඹිය යුතුයි - නෝර්වේ සිට ඇවිත් යාපනයේදී සන්නද්ධ අරගල ප්‍රකාශය කළ පුද්ගලයා අත්අඩංගුවට...

ශ්‍රී ලංකාවේ යළිත් ජාතිවාදී අරගලයක්‌ ඇති කිරීමේ අරමුණෙන් නෝර්වේ සිට දෙමළ ඩයස්‌ පෝරාවෙන් එවන ලද ජයබාලන් නමැති 79 හැවිරිදි පුද්ගලයකු පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඊයේ (24 දා) භාරදී ඇත.

මොහු 1999 වසරේදී යාපනයේ සිට නෝර්වේ පදිංචියට ගොස්‌ ඇති අතර එහිදී ඔහු එරික්‌ සෝල්හයිම්ගේ උපදෙස්‌ පරිදි ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියා පිළිබඳ කටයුතු සිදුකර ඇතැයි හෙළිවී ඇත.

ඉකුත් 9 වැනිදා මොහු තම මැණියන්ගේ සොහොන් කොත දැක බලා බුහුමන් කිරීමට සංචාරක වීසා ලබාගෙන කොළඹට පැමිණ පසුව යාපනයට ගොස්‌ ඇති බවට තොරතුරු හෙළි වී ඇත. 

මොහු දෙමළ ඩයස්‌පෝරාව වෙනුවෙන් දෙමළ පුවත්පත් මාධ්‍යවේදීන් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කැඳවා ඉකුත් 18 දා යාපනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී මොහු ප්‍රකාශ කර ඇත්තේ මහා සිංහල ජාතියට එරෙහිව මුස්‌ලිම් ජනතාව හවුල්කර ගෙන සන්නද්ධ අරගලයන් ඇරඹීමට දෙමළ ජනතාව ක්‍රියාකාරි විය යුතු බවයි.

මොහු මෙම ප්‍රකාශය කර යාපනයේ සිට කිලිනොච්චියට යද්දී පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන අංශය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

නෝමන් පලිහවඩන 
http://www.divaina.com/2013/11/25/news11.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!