Pages - Menu

Pages

Pages

Monday, November 25, 2013

රුසියානු යුද නැවක්‌ කොළඹ වරායට

රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන නාශක යුද නෞකාවක්‌ ඇතුළු නෞකා 05 ක්‌ ඊයේ (24 වැනිදා) උදැසන කොළඹ වරාය වෙත ළඟා විය.

රුසියාවේ පැසිෆික්‌ නාවික බලමුළුව යටතේ මධ්‍යධරණී මුහුදේ නාවික මෙහෙයුම්වල නිරතවීමෙන් අනතුරුව වැලඩිඩොව් ස්‌ටොක්‌ මව් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකා කොළඹ වරායට පැමිණ ඇත.

"අද්මිරාල් පැන්ටලේයව්" නමැති මිසයිල නාශක නෞකාව, "අද්මිරාල් නෙවල්ස්‌කි" සහ "පෙරස්‌වෙට්‌" නමැති භාණ්‌ඩ හා භට පිරිස්‌ ගොඩබෑමේ නෞකා 02, "ෙµdaමික්‌රෙලොව්" නමැති අනතුරට පත්වූවන් බේරා ගන්නා නෞකාව සහ "පෙඩෙන්ගා" නමැති සැපයුම් නෞකාව යන නෞකා 05 කොළඹට පැමිණි නෞකා වෙති.

"ගාලු කතිකාවත 2013" ජාත්‍යන්තර නාවික සමුළුව අද (25 වැනිදා) සහ හෙට (26 වැනිදා) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබියදී මෙම රුසියානු යුද නෞකා මෙහි පැමිණීම විශේෂත්වයක්‌ වන අතර, මෙම නෞකා සමූහයේ අණදෙන නිලධාරි කපිතාන් මැක්‌සිම් එස්‌. එල්ලෙකින් ද මෙම සමුළුවට සහභාගි වනු ඇත.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/11/25/news20.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!