Pages - Menu

Pages

Pages

Wednesday, December 11, 2013

ස්‌වාභාවික කෘමිනාශක වර්ගවලින් රජරට ගොවීන්ට සාර්ථක ප්‍රතිඵල

රජරට ගොවි ජනතාව කෘතිම කෘමිනාශක අතහැර ස්‌වාභාවික සම්පත් උපයෝගි කරගෙන සකස්‌ කර ගන්නා ස්‌වාභාවික කෘමිනාශක වර්ගවලට ක්‍රමයෙන් හුරු වෙමින් සිටී.

කොහොඹ කොළ කොටා එහි ඉස්‌ම කෘමි නාශකයක්‌ ලෙස භාවිත කිරීමට බොහෝ ගොවි ජනතාව හුරු පුරුදු වී සිටිති. වම්බටු, මිරිස්‌ සහ මුං ඇට වැනි වගාවන්ට හානි කරන සතුන් සඳහා මෙම දියර ඉසීම වඩාත් ප්‍රයෝජනවත් බව ගොවි ජනතාව පවසති.

කොටාගත් කොහොඹ ඉස්‌ම දින කීපයක්‌ වුවද සුරක්‍ෂිතව තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි බව ගොවිජනතාව පෙන්වා දෙති. කොහොඹ ගස ඉඩෝර සමයේ වුවද දලුලන ශාකයක්‌ නිසා අමුද්‍රව්‍ය සොයා ගැනීමද එතරම් අපහසු නොවේ.

වල් ඉඟුරු ගසේ කඳ සහ කොළ තම්බා පදම්කර කෘමීන් මර්දනයට පහසුවෙන් යොදා ගත හැකි වඩාත් හොඳ ඖෂධයක්‌ බව ගොවීහු පවසති.

ඉපලෝගම - ඡේ. බී. ඒකනායක
http://www.divaina.com/2013/12/11/provin06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!