පෙරේදා සවස 3.30 ට පමණ ඇති වූ මෙම ගින්න මැඬපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවුක හමුදාව හා පොලිස් නිලධාරීන් මෙන්ම ගිනි නිවන හමුදාවේ නිලධාරීන් විසින් වහා පියවර ගෙන ඇත. සවස 6.30 වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
මහනුවර හන්තාන රූපවාහිනි කුලුන අවට ආසන්න ප්‍රදේශයක ඇති වූ මෙම ගින්නෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානි සිදු වී නැතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ධම්මික සල්වතුර
http://www.divaina.com/2013/12/30/provin02.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!