Pages - Menu

Pages

Pages

Monday, January 6, 2014

ෆලුජා නගරය අල්ඛයිඩාව අතට පත්වෙයි

ඉරාකයේ ෆලුජා නගරය අල්ඛයිඩාවට සම්බන්ධ අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් අල්ලාගෙන ඇත. 

අල්ඛයිඩා සාමාජිකයන් විසින් මෙම නගරය අල්ලා ගැනීමෙන් පසුව එහි ජනයා නගරය අතහැර පලාගොස්‌ ඇති අතර එහි ඉතිරිව ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිස්‌ පමණි.

ඉරාක හමුදාව ෆලුජා නගරය බේරා ගැනීම සඳහා මෙහෙයුම් අරඹා ඇත.

ඉරාකය නැවතත් 2006 -2007 කාලයේ පැවැති සිවිල් යුද්ධ තත්ත්වයට පරිවර්තනය වී ඇති බව විදෙස්‌ විචාරකයෝ පවසති.

පසුගිය වසරේදී ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 8868 කි.

http://www.divaina.com/2014/01/06/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!