පසුව මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව පඬුවස්‌නුවර පුරාවිද්‍යා කාර්යාලයේ පර්යේෂණ නිලධාරිනී කේ. ඒ. එම්. ඒ. කුමාරිහාමි මහත්මිය හා පුරා විද්‍යා පර්යේෂණ සහකාර ඊ. එම්. සෙනරත් යන අය එම ස්‌ථානයට පැමිණ හමුවූ අස්‌ථි කොටස් පරීක්‍ෂණ කටයුතු සඳහා රැගෙන යන තෙක් හලාවත පදිංචි තරුණ පුරාවිද්‍යා ගවේෂකයකු වන ඩේවිඩි ගයාන් ඉන්දික මහතාගේ නිවසේ තැන්පත්කර තිබේ. නමුත් මේ වන තෙක් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට කීප වතාවක්‌ම දැනුම්දී සිටියත් මෙම අස්‌ථි කොටස් රැගෙන යැමට මේ දක්‌වා කටයුතු කර නොමැති බව ඩේවිඩ් මහතා කියා සිටී.
මීට ශත වර්ෂ ගණනාවකට ඉහතදී පෘතුගීසි සෙන්පතියකු වූ අසවේදු විසින් හලාවත මුන්නේෂ්වරම ප්‍රදේශයේ මිනිස් ඝාතන රැසක් සිදුකර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
අමරනන්ද විඡේසේකර - මහවැව
http://www.divaina.com/2014/01/06/news18.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!