Pages - Menu

Pages

Pages

Monday, January 6, 2014

ශ්‍රීපාද මළුවට හෙලිකොප්ටරයෙන් දොළොස්‌මහේ පහන සහ ඝණ්‌ඨාර කුලුන ගෙන යැමට මීදුමෙන් බාධා

ශ්‍රීපාද මළුවේ ස්‌ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවක්‌ මගින් නල්ලතන්නිය, ලක්‍ෂපාන තේ වත්තේ ක්‍රීඩා පිටියේ සිට දොළොස්‌මහේ පහන හා ඝණ්‌ඨාර කුලුන ගුවනින් ප්‍රවාහනය කරද්දී ඉකුත් (02 ) දා සිට වරින්වර ශ්‍රීපාද මළුවේ පැවැති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් බාධා ඇතිවුණු බව හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන නියමු වින් කමාන්ඩර් එම්. ඒ. එස්‌. කේ. මහීපාල මහතා පවසයි.


කිලෝ ග්‍රෑම් 20,000 කින් (ටොන් 20) සමන්විත ශෛලමය දොළොස්‌මහේ පහන හා ඝණ්‌ඨාර කුලුනින් කොටස්‌ ඉකුත් 02 දා සිට ඊයේ (05 දා) දක්‌වා දින 04 ක්‌ වරින් වර නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව වෙත හෙලිකොප්ටර් යානාවෙන් ප්‍රවාහනය කෙරිණි.

මෙම භාණ්‌ඩ ගුවන් මගින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය දැල් බහලුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සපයා දී තිබුණු අතර මෙලෙස පහනේ හා ඝණ්‌ඨාර කුලුනේ කොටස්‌ ශ්‍රීපාද මළුව වෙත ගෙන යැමට ගුවන්, යුද හා පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේද ශ්‍රම දායකත්වය ලැබිණි. භාණ්‌ඩ ප්‍රවාහනය කරන අවස්‌ථාවට ශ්‍රීපාදස්‌ථානාධිපති ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් හා ශෛලමය දොළොස්‌මහේ පහන හා ඝණ්‌ඨාර කුලුන සඳහා මූල්‍ය දායකත්වය දැරූ "කැන්ඩි සිටි සෙන්ටර්" ව්‍යාපාරයේ අධිපති තුසිත විජයසේන මහතා සහ එම මහත්මියද සහභාගි වූහ.

මස්‌කෙළිය-ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2014/01/06/news15.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!