Pages - Menu

Pages

Pages

Monday, January 27, 2014

බීච් වොලිබෝල් දෙඅංශයෙන්ම 'රන් සොයන ගැටුමට' ශ්‍රී ලංකාව

මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන ගමනක යා හැකි කණ්‌ඩායම් තරග අංශයක්‌ බව නැවත වරක්‌ ඔප්පු කළ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්‌ඩායම් ඉන්දියාවේ ගෝව හී දැන් පැවැත්වෙන ලූසෆෝනියා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි දෙඅංශයේම අවසන් මහා තරග සඳහා අවස්‌ථාව ලබාගත්හ. ඒ අනුව වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා හෙවත් ශ්‍රී ලංකා පිරිමි අංක 1 කණ්‌ඩායම පෘතුගාල අංක 1 කණ්‌ඩායම හෙවත් ජෝස ෆේඩ්රෝසා සහ ෆෝඩ්රෝ රොසෑස්‌ සමගින්ද, ශ්‍රී ලංකා කාන්තා අංක 2 කණ්‌ඩායම හෙවත් ගීතිකා ගුණවර්ධන සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා පෘතුගාලයේ ඇනා ෙµ්‍රෂේස්‌ සහ ජූලියානා ඇන්තනීස්‌ සමගින්ද රන් පදක්‌කම උදෙසා ඊයේ රාත්‍රියේ තරග වැදීමට නියමිතව සිටිහය.

එක්‌ රටක්‌ නියෝජනය කරමින් කණ්‌ඩායම් 2ක්‌ සඳහා බීච් වොලිබෝල් ජාත්‍යන්තර තරග සහභාගීත්වය සම්බන්ධයෙන් ඇති අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම් 4ම (කාන්තා කණ්‌ඩායම් 2 සහ පිරිමි කණ්‌ඩායම් 2) මෙම ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගත් නමුත් අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ කණ්‌ඩායම් 2 ම එකම තරගයකදී මුණගැසිනි.

පෙරේදා පැවැති අදාළ කාන්තා අවසන් පූර්ව තරගයේදී සුජීවා සහ ගීතිකා විසින් ආශා නිල්මිණි සහ නිරෝෂා ගුණසිංහ ලකුණු 21/6 සහ 21/13 වශයෙන් පරාජයට පත්කරන ලදී. එම පිරිමි අවසන් පූර්ව තරගයේදී ලකුණු 21/18 ක්‌ සහ 21/15 ක්‌ වශයෙන් මහේෂ් සහ වසන්ත විසින් පුබුදු ඒකානායක සහ අසංක ප්‍රදීප්ව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්‌ඩායම බවට පත්විය.

පෘතුගාලය සහ ඉන්දියාව අතර පැවැති පිරිමි අංශයේ අනෙක්‌ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21/13 සහ 21/11 ලෙසින් ඉන්දියාව පරාජයට පත්වූ අතර පෘතුගාලය සහ මොසැම්බික්‌ අතර පැවැති කාන්තා අංශයේ අනෙක්‌ අවසන් පූර්ව තරගයේදී පෘතුගාලය ලකුණු 21/15 සහ 21/14 ලෙසින් තරග වට 2/0 කින් ජය වාර්තා කළේය.

http://www.divaina.com/2014/01/27/sports02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!