Pages - Menu

Pages

Pages

Sunday, February 16, 2014

ලොව උසම සක්‌මන් බුද්ධ ප්‍රතිමාව අද විවෘතවේ

ලොව උසම සක්‌මන් බුද්ධ ප්‍රතිමාව මහනුවර දිස්‌ත්‍රික්‌කයේ යටිනුවර රණවක පුරාණ විහාරස්‌ථානයේදී අද (14 වැනිදා) සවස 2.00 ට විවෘත කෙරේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිවුල්කුඹුරේ ශ්‍රී සරණංකර, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, තායිලන්තයේ උප ප්‍රධාන සංඝනායක යන නාහිමිවරුන් සහ ජපානය, තායිලන්තය මියන්මාරය ආදී රටවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ හා ප්‍රදේශයේ විහාරස්‌ථානවල මහා සංඝරත්නය මෙම අවස්‌ථාවට වැඩම කරති.

අගමැති දි.මු. ජයරත්න, අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස්‌, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, යටිනුවර ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය වැවිලි කර්මාන්ත ඇමැති අර්ල් ගුණසේකර, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වේ.

පේරාදෙණිය - මහේන්ද්‍ර රන්දෙණිය
http://www.divaina.com/2014/02/14/news31.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!